Thursday, January 15, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පොල් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීම පිළිබදව සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා තායිලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

තවද බෞද්ධ රටවල් ලෙස තායිලන්තයේ සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු අතර සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් තායිලන්තයේ අතිපූජනීය සෝම්දේජ් අරියවොංසෝකතායන් හිමිගේ 96 වැනි ජන්මදින සැමරුම මෙරට සංඝරත්නයේ ද සහභාගීත්වය මත පැවැත්වීමට සැලසුම්කර ඇති බව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.