Tuesday, November 11, 2025
Follow Us
අධ්‍යාපන ඇමැති සහ ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අතර හමුවක්

ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා මහතා (Jaime Saavedra) මුණ ගැසුණේය.


එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්‍රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කළේය.

එසේම නුදුරු අනාගතය තුළ සපුරාගත යුතු ගෝලීය ආධ්‍යාපනික ඉලක්ක ජයගැනීම උදෙසා මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හා සිදු විය යුතු සංකල්පීය වෙනස්කම් පිළිබඳ ද කරුණු සාකච්ඡා වී ඇත.
මෙහි දී මෙරට අධ්‍යාපන ධාරිතාව පුළුල් කිරීම උදෙසා පවතින සීමාවන් හා අභියෝග පිළිබඳ ව ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වීය.