Thursday, January 15, 2026
Follow Us
වෛද්‍ය හරින් ද සිල්වා රාජාභිෂේක උත්සවයට

චාල්ස් රජුගේ  රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන හරීන් ද සිල්වා මහතාට ද ආරාධනා ලැබී තිබේ.

කොවිඩ් වසංගතය කාලයේදී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත.

එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමන ලදි.

තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවත් වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පැවසුවේය.

Lankadeepa