Tuesday, November 11, 2025
Follow Us
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ විදුලිබල ඇමැති අතර සාකච්ඡාවක්

බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.

රජයේ ප්‍රතිපත්තිය, යෝජිත පෝෂණ ගාස්තු සූත්‍රය, පුනර්ජනනීය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති ණය සහ ප්‍රදාන, විදුලි වාහන බවට පරිවර්තනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සඳහා සෙවිලි සූර්ය බලශක්තිය සඳහා ප්‍රදාන පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබේ.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් කරමින් මේ බව සඳහන් ඇත.