Thursday, January 15, 2026
Follow Us
රුසියාවේ හා ශ්‍රි ලංකාව අතර වෛද්‍ය සිසු හුවමාරුවකට සාකච්ඡා

රුසියාව හා ශ්‍රී ලංකාව අතර වෛද්‍ය සිසුන් හුවමාරුවකට අදාළ සාකච්ජාවක් ඊයේ (02) , රුසියාවේ Kursk State වෛද්‍ය විද්‍යාලයේ දූත පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර පැවැත්විණි.

ඒ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය ඇතුළු රුසියානු දූත පිරිසක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවු අවස්ථාවේ දී.

මෙහි දී රුසියාවේ පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීම ඇතුළු වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

පශ්චාත් වෛද්‍ය උපාධි පාඨමාලාවන් අතරට ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව, රසායනික වෛද්‍ය විද්‍යාව ආදී පාඨමාලාවන් නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර පහසුකම් යටතේ හැදෑරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන් සඳහා ද ඇරයුම් කෙරෙන බව රුසියානු දූත පිරිස පැවසූ අතර ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡා වට වලින් පසුව ඒ පිළිබඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.