Tuesday, November 11, 2025
Follow Us
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි අතර හමුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ ( 01) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිල හමුව ගුවන් හමුදා මූලස්ථානයේදී අද (02) උදෑසන සිදුවිය.
ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෙද්රි මහතා ඇතුලු දූත පිරිස ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරි විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් සම්මාන මුර පෙළපාලියකින් හමුදා ආචාර පුදකරන ලදි.

ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති නිල සාකච්ඡාවක නිරතවූ අතර එහිදී කලාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගිතාවය වර්ධනය කරගැනීම, ඒකාබද්ධ පුහුණුවීම් හා තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම මෙන්ම සමුද්‍රිය ආවේක්ශන මෙහෙයුම් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කරන ලදි.
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති අතර සිදුවූ මෙම හමුව සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරුණු අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද සහභාගි වූහ.