Thursday, January 15, 2026
Follow Us
ඉන්දියාවේ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

අදාළ කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක් සිහිසුන්ව ඇදවැටීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 එහිදි බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 මියගිය පුද්ගලයින් අතර 10 හැවිරිදි සහ 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.

 අදාළ ගෑස් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.

-Aruna