Thursday, January 15, 2026
Follow Us
සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදා ගැනේ

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු මුදාගෙන තිබේන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා සඳහන් කරයි.

ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ජෙඩාහි වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් එම පිරිස භාරගෙන තිබේ.

මීට පෙර කාර්ටුම් අගනුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගත්තේ සෞදි අරාබියේ සහය ඇතිවයි.