Tuesday, November 11, 2025
Follow Us
ආගමික ඇදහිල්ලක් හේතුවෙන් මිය ගිය පිරිස් සොයා මෙහෙයුම්

කෙන්යාවේ මලින්දි නගරයේ සොහොන්වලින් මිය ගිය 47 දෙනෙකුගේ සිරුරු ගොඩගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි



කුස ගින්නේ සිටීමෙන් ජේසුස් වහන්සේ හමුවීමට හැකි බවට වන මතයක් ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

එම ඇදහීම ප්‍රචාරය කළ පෝල් මැකෙන්සි නමැති අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට මලින්දි නගරයේ ශකාහෝලා වනාන්තරයේ සොහොන් කැනීමේ කටයුතු සිදු වන අතර දැනට එවැනි ස්ථාන 58 ක් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වනාන්තරයේ අක්කර 800 ක් මුද්‍රා තබා අපරාධ ස්ථානයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.