Thursday, January 15, 2026
Follow Us
තෙරපීමකින් පුද්ගලයින් 85ක් ජීවිතාක්ෂයට
යේමනයේ සානා අගනුවර සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
 
රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමක් මෙම සිද්ධියට හේතු වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රැස්ව සිටි පිරිස අතර සිටි පුද්ගලයෙක් අහස දෙසට තිබූ වෙඩිල්ලක් විදුලි රැහැනක වැදීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් මොවුන් මිය ගිය බවයි. 
 
එක් පුද්ගලයෙකුට ඩොලර් 10ක් බැගින් වූ ආධාර ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනතාව මේ සඳහා එක්ව ඇති බවත් මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද වන බවත් වාර්තා වෙයි.
තෙරපීමෙන් තවත් පුද්ගලයින් 322කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.