Thursday, January 15, 2026
Follow Us
පිළිකාවට ගොදුරු වූ දියණියට සේසතම වැය කළ අමෙරිකාවේ මවකට මිලියන දෙකක ලොතරැයියක් ඇදිලා

පියයුරු පිළිකාවට ගොදුරු වූ තම දියණියගේ ප්‍රතිකාර වෙනුවෙන් මුළු සේසතම වැය කළ මවකට ලොතරැයියකින් ඩොලර් මිලියන දෙකක මුදලක් හිමිවීමේ පුවතක් අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ජෙරල්ඩීන් ගිම්ලට් නමැති මේ කාන්තාව සියලු වත්කම් දියණියගේ පිළිකාව වෙනුවෙන් වැය කරමින් ඇය සුවපත් කරගත් බවත්, දියණිය ප්‍රතිකාර ලැබූ අවසන් දිනයේදී රෝහලෙන් පිටව යද්දී ඩොලර් දහයකට මිලදී ගත් ලොතරැයියෙන් මුදල් ත්‍යාගයට හිමිකම් කී බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

එම ලොතරැයිය සීරීමෙන් පසු අදාළ සාප්පු හිමියා ඩොලර් මිලියන දෙකක් දිනා ඇති බව ප්‍රකාශ කිරීමෙන් විමතියට පත්වූ ඇය එහි අංක නැවත පරීක්ෂා කරන ලෙස සාප්පු හිමියාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

Dinamina