Thursday, January 15, 2026
Follow Us
ෂාරුක් ඛාන් ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණට

ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ.

2023 වසරට අදාළ එම ලැයිස්තුව ටයිම් සඟරාව විසින් අද (07) එළිදක්වා තිබුණි.

නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට හිමිවී තිබේ.

ටයිම් සඟරාව විසින් මෙවර නම් කළ ලොව වඩාත් බලගතු පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් සිව්වන ස්ථානයටත්, සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පස්වන ස්ථානයටත් පත්වී ඇති බව සඳහන් වෙයි.