Wednesday, November 12, 2025
Follow Us
 සේවය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා ජනපති හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

දකුණු කොරියානු තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහි දී සුහද සාකච්ඡාවකට ද එක්විය.

ජොන්ග් වුන්ජින්ග් මහතා සිය ධුර කාලය තුළ දී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය කෘතඥතාව පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය. මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

ජොන්ග් වුන්ජින්ග් මහතා 2020 ජූලි මස 02 දා සිට මෙරට දකුණු කොරියානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.