Thursday, January 15, 2026
Follow Us
පාප් වහන්සේ රෝහල්ගත කරයි

86 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.


ඒ ශ්වසන ආසාදනයක් හේතුවෙන් උන්වහන්සේ දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළීම හේතුවෙනි.

කෙසේවෙතත් Policlinico A. Gemelli රෝහලේ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ උන්වහන්සේට කොවිඩ් ආසාදනය වී නොමැති බවයි.

නමුත් උන්වහන්සේට දින කිහිපයක ප්‍රතිකාර අවශ්‍ය වනු ඇති බවට අපේක්ෂා කරන බව වතිකානුව සදහන් කර ඇත.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වසරේ කාර්යබහුලම කාලය මෙය වන අතර පාස්කු සතියට පෙර වැඩසටහන් සහ සේවාවන් කිහිපයක් ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.