Thursday, January 15, 2026
Follow Us
කටාර් හි ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු මියයයි

කටාර්, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අනතුරින් තවත් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඊයේ (23) පෙරවරුවේ එම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. 

මෙම පුද්ගලයින් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිට ඇත.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයාබැලීම සඳහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.