Thursday, January 15, 2026
Follow Us
ජර්මනියෙන් වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට සාකච්ඡා


ජර්මනියේ බර්ලින් නුවර පැවති ජත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන වැඩසටහන (ITB ) සඳහා ශ්‍රි ලංකාවේ සක්‍රීයව සංචාරක කර්මාන්තයේ නියැලෙන සියයකට වඩා වැඩි ආයතන ප්‍රමාණයක් සහභාගි වු අතිසාර්ථක වැඩසටහනක් වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි .

එමෙන්ම මෙම වැඩමුළුවේදී ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජර්මානු මධ්‍යම රජයේ සංචාරක හා ආර්ථික කටයුතු පිළිබඳව ප්‍රධානීයා හා එම කණ්ඩායම සමඟ ඉදිරියේදී ජර්මානු ජාතික සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද සිදු කර තිබේ.