Thursday, January 15, 2026
Follow Us
චීන සංචාරකයින් පිරිසක් දිවයිනට

මගින් 180 දෙනෙකු රැගත් China East Airlines සමාගමට අයත් MU 231 ගුවන් යානය බන්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ පැමිණියා .

ගෙවුණු දින කිහිපය තුළ චීන ජාතික සංචාරකයන් රැගෙන මෙරටට පැමිණි දෙවන ගුවන් යානය මෙය වන අතර චීනයේ ශැංහයි සිට පැමිණි මෙම ගුවන් යානය එරට සංචාරක නීති ලිහිල් කිරීමෙන් පසු මෙරටට පැමිණි පළමු ගුවන් යානයයි.

China East Airlines ගුවන් සමාගම ගිම්හානයේ දී සතියට ගුවන් ගමන් වාර දෙකේ සිට ගුවන් ගමන් වාර 6 දක්වා වැඩි කිරීමට ද නියමිතයි .

ගෝලීය වසංගතයෙන් පසු වර්ධනය වන චීන සංචාරක වෙළදපල ශ්‍රී ලංකාව දෙසට ආකර්ෂණය කර ගැනීමට හැකි වීම තුළ ලාංකේය සංචාරක කර්මාන්තය ද සීග්‍ර වර්ධනයක් කරා ළඟාවනු ඇති බව අපේක්ෂා කරයි.