Thursday, January 15, 2026
Follow Us
නෙදර්ලන්ත තානාපතිනිය  ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතනිය වන බොනී හොබැච් (Bonnie Horbach) මැතිනිය ඊයේ ( 07) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් තානාපතිවරිය උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ද්විපාර්ශ්විකව  වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සහ ආපදා අවම කිරීම පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.