Thursday, January 15, 2026
Follow Us
බංග්ලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක්

බංග්ලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදුවීමෙන් එහි සේවකයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි .

13 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පිපිරීමෙන් පසු ගින්නක් ද හටගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මෙම පිපිරීම සිදුව ඇත්තේ ගිණිකොන දෙසින් පිහිටි චිතගොං වරාය නගරයට අයත් ‘සිටකුණ්ඩ’ බලාගාරයේය.

පිපිරීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි අනුමාන කෙරේ. බලාගාරය පිපිරී යද්දී, එහි කම්පනය කිලෝ මීටර් දෙකක් තරම් ඈතට දැණී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.