Wednesday, November 12, 2025
Follow Us
ඉන්දු-  ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරුන් හමුවක්

ඉන්දු - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳ සාකච්ඡා වූ බව ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සඳහන් කර තිබේ.

මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ට්විටර් සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා පවසයි.

දෙරටේ සබඳතාවල වත්මන් තත්ත්වය ද එහිදී සමාලෝචනයට ලක්කළ බව ඔහු සඳහන් කර ඇත.

Aruna