Wednesday, November 12, 2025
Follow Us
ඉතාලියේ නැව් අනතුරකින් 59 ක් මරුට

ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කළ ලී රුවල් යාත්‍රාවක් ඉතලියේ දකුණු වෙරළට ආසන්නයේ දී අනතුරුට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මෙම් නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වෙයි යුරෝපයට සංක්‍රමණිකයන් රැගෙන පැමිණි මෙම ලී රුවල් යාත්‍රාවක් පෙරේදා  (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබු බවයි වාර්තා වන්නේ .

එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Dinamina