Wednesday, November 12, 2025
Follow Us
අධිකරණ ඇමැති හා තායිලන්ත තානාපති අතර හමුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා (Poj Harnpol) අතර හමුවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දෙරට අතර දිගු කාලයක සිට පවතින ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගිතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

2016 වසරේ තායිලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට තමාට අවස්ථාව උදා වු බවත්, 2017 වසරේ එම උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වු අවස්ථාවේ තායිලන්තය රජය ලබා දුන් සහය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කෘතවේදීත්වය පළ කළේය. අතීතයේදී ශ්‍රී ලංකාව තුළ පැවති රාජාණ්ඩු ක්‍රමය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී තායිලන්ත තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කළේය.

 

ශ්‍රී ලංකාව තුළ වර්තමානය වනවිට පවතින ගැටලුසහගත තත්ත්වයන් අවසන්ව ආර්ථික ස්ථාවරත්වය ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් තානාපතිවරයා පැවසීය.

අමාත්‍යවරයාට තායිලන්තයේ සංචාරයක නිරත වන ලෙස තානාපතිවරයා ආරාධනා කළේය.