Wednesday, November 12, 2025
Follow Us
ශ්‍රී ලාංකිකයෙකුට ඇමරිකාවෙන් ගෞරව පදක්කමක්

ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය ඇන්ටනි ඇන්ජීට ජාත්‍යන්තර නීතිය පිළිබඳ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන ගෞරවණීය සම්මානයක් පිරිනමා තිබේ.

ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහු කර ඇති විශේෂ කාර්ය භාරය වෙනුවෙන් මැන්ලි ඕ හඩ්සන් පදක්කම පිරිනැමූ බව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (National University of Singapore) නිවේදනය කර ඇත.

මහාචාර්ය ඇන්තනි ඇන්ජි මේ වනවිට සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරයි.

තමන් ලැබූ ගෞරවණීය පදක්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, මෙය අනපේක්ෂිත ගෞරවයක් බව ය.‍

Aruna