Thursday, January 15, 2026
Follow Us
ජපානය සමඟ අවබෝධතා ගිවිසුමක්

ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත්කර යැවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ ජෙනරල් ඉන්කෝපරේටඩ් ෆවුන්ඩේෂන් අයි.එම් ආයතනය අද ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට එළැඹුණා.

ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සමින්ද ජයසේකරත්, අදාළ ජපාන ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ටොලුකා කියෝෂිත් අත්සන් තැබූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.