Thursday, January 15, 2026
Follow Us
ජපන් තානාපතිවරයා සීතාවක උද්භිද උද්‍යානයේ පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ ජපාන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරීම නිමිතිකොටගෙන ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ පැළයක් රෝපණය කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා සහභාගී වූ මෙම අවස්ථාවට, ජපන් තානාපති කාර්යාල නිලධාරීන් සහ සීතාවක ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානය පිහිට වූ සීමාසහිත ෂිමොකිකාකු සමාගමේ අධ්‍යක්ෂ හිරොයුකි ෂිමොතොරි ද එක්ව සිටියහ.