Wednesday, September 30, 2026
Follow Us
තුර්කියේ අතුරුදහන් වූ කාන්තාවගේ මළ සිරුර හමුවෙයි 

තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ මළ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

අතුරුදහන් වූ මව සෙවීම සඳහා තුර්කියේම වෙනත් ප්‍රදේශයක පදිංචි ඇයගේ දියණිය පැමිණ ඇති අතර ඇය විසින් මළ සිරුර හඳුනාගෙන තිබේ.