Wednesday, November 12, 2025
Follow Us
තුර්කිය භූකම්පනයෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවෙන් මරණ 1602ක් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එමෙන්ම දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 20,534ක් බව ද මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට සහන කණ්ඩායම් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන අතර ඉදිරියේ දී තවදුරටත් මරණ ඉහළ යා හැකි බව ද වාර්තා වෙයි.