Wednesday, November 12, 2025
Follow Us
බෑන් කී මූන් අගමැති හමුවෙයි

ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අද (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවත් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය, සූර්ය පැනල මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති සහ සූර්ය පැනල මගින් වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන බව බෑන් කී මූන් මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉදිරි අවුරුදු දහයක කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කෙරෙන නව බලශක්ති සැලැස්ම අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී බැන් කී මූන් මහතා වෙත පිරිනමනු ලැබීය.