Wednesday, November 12, 2025
Follow Us
මෙරට සේවා කාලය නිම කළ බල්ගේරියානු තානාපතිනිය ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනි එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යැමට පෙර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.


එලේනෝරා මහත්මිය සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සේවාව ඇගයීමට ලක් කරමින් ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශිංසන එක් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේ දී ද ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව එලේනෝරා මහත්මිය එහිදී සඳහන් කළාය.