Wednesday, November 12, 2025
Follow Us
ඇමරිකාවේත් භූමිකම්පාවක්

ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් බෆලෝ ප්‍රදේශයට අද (06) අලුයම කාලයේ රිච්ටර් මාපකයේ 3.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් හටගෙන ඇති බව වාර්තා වේ.

බරපතළ ශීත කාලයකට මුහුණ දී සිටින බටහිර නිව් යෝර්ක්හි වසර 30කින් පසු සිදු වූ විශාලතම භූමිකම්පාව ද මෙයයි.

උදෑසන 6.15ට බෆලෝ නිවැසියන්ට සෙලවීමක් දැනුණු බවත් එය නිවැසියන් කම්පනයකින් අවදි කරවීමට තරම් ප්‍රභල වූ බවත් ජාතික කාලගුණ සේවය තහවුරු කරයි.

 කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් යම් ජීවිත හානියක් සිදු වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව ද වාර්තා වේ .

ARUNA