Wednesday, November 12, 2025
Follow Us

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් යුරෝපා සංගමය සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර පසුගියදා පැවැත්විණි.

යුරෝපා සංගමයේ තානාපතිවරයා සහ චෙක් ජනරජය, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, ලැට්ව්යාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව හා ස්වීඩනය යන සමාජික රටවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජවසම්පන්න සහ තිරසර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ගතයුතු පියවර හා ඒ සඳහා ඔවුන්ට ලබාදිය හැකි සහය පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.