Thursday, January 15, 2026
Follow Us
චීන බැලූනයකට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්

අමෙරිකාවට ඉහළ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයට අයත් අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව එය විනාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ තුනක් වසා දැමීමට සිදු වූ බව විදෙස්  මාධ්‍ය වාර්තා කළ අතර විනාශ වූ බැලුනයේ සුන්බුන්,අසළ පිහිටි මුහුදට පතිත වී තිබෙන බව ද වාර්තා වේ.