Friday, April 26, 2024
Follow Us
ජපානයෙන් රු. මි. 104 ක ප්‍රතිජීවක ඖෂධ ආධාරයක්.

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රුපියල් මිලියන 104 ක පමණ තොගයක් ජපන් රජයේ ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතිය යටතේ අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පලමු ලේකම් කෙන්ජි ඔහාෂි  මහතා (Mr. Kenji Ohashi) විසින් නිල වශයෙන් භාර දුන්නේය.

මේ යටතේ ප්‍රදානය කරන ප්‍රතිජීවක ඖෂධ එන්නත් අතර Cefotaxime 1g vial 240,000 / Ceftriaxone 1g Vial 450,000 / Vancomycin 1g Vial 60000 වේ. මෙරටට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් ජපන් රජයෙන් කළ ඉල්ලීම මත මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත එම රජය විසින් එම ආධාර තොගය ලබාදීම විශේෂත්වයකි.