Wednesday, November 12, 2025
Follow Us
අධික ශීත කාලගුණයෙන් ජීවිත 124ක් අහිමිවෙයි

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ අධික ශීත දේශගුණික තත්ත්වය හේතුවෙන් ගොවිපොළ සතුන් 70000 ක් පමණ මියගොස් ඇති බවයි.

මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ආපදාවට ලක්වූවන් මුදවා ගැනීමට කඳුකර ප්‍රදේශවලට හමුදා හෙලිකොප්ටර් යානා යවා ඇතත් අධික හිමපතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

ARUNA