Wednesday, January 14, 2026
Follow Us
ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර්  මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණියේය.

විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ගුවන්තොටු පොළේදී පිළිගත්තේය.

මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.