Wednesday, January 14, 2026
Follow Us
නේපාල ගුවන් යානා අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහල ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

යානය ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට යාමේදි හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර පසුව එය කඩා වැටි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අනතුරට ලක්වු එම යානයේ විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 4 දෙනෙකු ඇතුළු මගීන් 72 දෙනෙකු සිට තිබේ.

එයින් 53 දෙනෙකු නේපාල ජාතිකයින්. ඉන්දියානුවන් 05 දෙනෙකු, රුසියානුවන් 04 දෙනෙකු, කොරියානුවන් දෙදෙනෙකු, අයර්ලන්ත, ඕස්ට්‍රේලියා , ආජන්ටිනා සහ ප්‍රංශ ජාතිකයන් එක් අයෙකු බැගින් එහි සිට තිබෙනවා. මෙය වසර 30 කට පසු එරට සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙසයි සැළකෙන්නේ