Wednesday, January 14, 2026
Follow Us
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමු වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය.

මෙම හමුව අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.