Wednesday, January 14, 2026
Follow Us
ඇෆ්ගන් ශිෂ්‍යාවන්ට සරසවි තහනමක්

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (20) ප්‍රකාශ කළේ නැවත දැනුම් දෙන තුරු එරට ශිෂ්‍යාවන්ට රටේ විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නො දෙන බව යි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කැබිනට් තීරණයකට අනුව ශිෂ්‍යාවන් සඳහා ප්‍රවේශය වහා ම අත්හිටුවන ලෙස ඇෆ්ගන් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපදෙස් දී ඇති බව යි.

 

කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් පනවා ඇති නවතම තහංචි ජාත්‍යන්තර ප්‍රජාව තුළ කනස්සල්ලට හේතු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

කෙසේ නමුත් දැඩි සම්බාධකවලට ද යටත් වන තලේබාන් පාලනය විධිමත් ලෙස පිළිගැනීමට සලකා බැලීමට පෙර කාන්තා අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍ය බව එක්සත් ජනපදය ඇතුළු විදේශ ආණ්ඩු පවසා ඇති බව යි එම පුවත් වාර්තා සඳහන් කරන්නේ

Aruna