Friday, July 17, 2026
Follow Us
හනා සිංගර් ජනපති රනිල් හමුවෙයි

සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් අද (19) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ඒ, ජනාධිපති කාර්යාලයේ දීය.

 

හනා සිංගර් සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.

 

හනා සිංගර් මහත්මිය 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.

 

Aruna