Wednesday, January 14, 2026
Follow Us
 ඇමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් නෞකාව අද කොළඹට

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් "ඕෂන් ඔඩිසි" නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි.

ධනවත් සංචාරකයින් 108දෙනෙකු රැගත් එම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබේ.

 

එම නෞකාව හෙට(19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි.

 

"ඕෂන් ඔඩිසි" නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ ,කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

 

එය දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කරනු ඇති.

Aruna