Wednesday, January 14, 2026
Follow Us
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතරයි.

 

ප්‍රබල ප්‍රංශ කණ්ඩායමේ නායකත්ව වගකීමකයිලියන් ම්බැපේ ට හිමිව ඇති අතර, ලියොනල් මෙසී ආජින්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලබයි.

 

අද පැවැත්වෙන අවසන් මහා තරගය ලියොනල් මෙසී ක්‍රීඩාකරන ලෝක කුසලාන අවසන් මහා තරගය වීමද විශේෂත්වයකි.

 

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.30ට ආරම්භවීමට නියමිතයි.

 

තරගය පැවැත්වෙන්නේ කටාරයේ ලුසලි ක්‍රීඩාංගණයේදීයි.

 

මෙම ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයින් 88,966 දෙනෙකුට එකවර තරග නැරඹීමට අවස්ථාව හිමිවේ.

 

Aruna