Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ගනුදෙනුවලට ඉන්දීය රුපියල භාවිත කිරීමට අනුමැතිය

ජාත්‍යන්තර ගණුදෙනුවලදී අමෙරිකානු ඩොලරය වැනි මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල භාවිත කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ නමැති ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබාදීමත් සමඟයි.

ශ්‍රී ලංකාවට අමතරව රුසියාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 12 ක්ද මොරිෂියස් වෙනුවෙන් එක් ගිණුමක්ද විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. රුසියාව දැනටමත් මෙම ක්‍රමය අනුගමනය කරමින් සිටිනවා. ඒ, යුක්‍රේන යුද්ධයෙන් පසු රුසියාව වෙත සම්බාධක පැනවීම හේතුවෙන්.

ඉන්දියාව මෙම ක්‍රමය විදෙස් සංචිත හිඟ රටවල් සඳහා හදුන්වාදීමට නියමිතයි. ඒ අනුව ටජිකිස්ථානය, කියුබාව, ලක්සම්බර්ග් සහ සුඩානය ද මෙම නව ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහෙත් එම රටවලට මේ දක්වා නිල අවසරයක් ලැබී නැහැ.

Neth