Friday, March 27, 2026
Follow Us
සී. අයි. ඩී. රහස්‌ වාර්තා කිහිපයක්‌ ජිනීවා නිලධාරීන් අතට?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රහස්‌ වාර්තා කිහිපයක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන්ට ලැබීමේ සිද්ධියක්‌ එම කවුන්සිලයෙන්ම හෙළිවී ඇත.

මේ බව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවකින් කරුණු අනාවරණය කර තිබේ.

මේ රහස්‌ වාර්තා විදේශ රටක නිලධාරීන්ට දැන ගැනීමට හැකිවීම රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කිරීමක්‌ වෙයි.

එම වාර්තා තමන් දුටු බව මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් සඳහන් කර ඇත.

මෙය මෙරට රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කිරීමක්‌ වේ.

(Lanka Leads)