Wednesday, January 14, 2026
Follow Us
මෙසී පාපන්දු පිටියෙන් සමුගනියි

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවයි.

 

මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය එළඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

 

මීළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.

 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය 3ට 0ක් ලෙස ජයගැනීමත් සමග ලෝකයේම අවධානය සුපිරි ක්‍රීඩක මෙසී වෙත යොමුවිය.

 

ඒ ඔහුගේ විශිෂ්ට තරග රටාව හේතුවෙනි.

 

ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත්තේ 06 වන වතාවටයි.

Aruna