Wednesday, January 14, 2026
Follow Us
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තවත් ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ජය ගැනීමට ඊයේ (12) තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 178ක් රැස්කර ගැනීමට සමත් විය.

 

ජැෆ්නා කණ්ඩායම වෙුනවෙන් ෂොයිබ් මලික් නොදැවී ලකුණු 35ක් රැස්කර ගැනීමට සමත් විය.

 

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32යි.

 

සධීර සමරවික්‍රම ලකුණු 32යි.

 

නායක තිසර පෙරේරා ලකුණු 29යි.

 

පන්දු යැවීමේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ බෙනී හොවල් කඩුළු 2ක් දවාගැනීමට සමත් විය.

 

අතතුරුව පිටියට පැමිණි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණීයි.

 

කලම්බු කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 73ක් රැස්කර ගැනීමට සමත් විය.

 

ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

 

ඒ අනුව ජැෆ්නා කණ්ඩායමට ලකුණු 6ක ජයග්‍රහණයක් හිමිවිය.

 

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුළු 2ක් දවාගත් ජෙම්ස් ෆුලර්ටයි.

Aruna