Wednesday, January 14, 2026
Follow Us
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ජය

මෙන්ඩිස් ලකුණු 44ක් රැස්කර ගනී


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ ජය හිමිකර ගැනීමට වනිදු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

ඒ, කඩුළු 5කින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 8ක් දැවී ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් මූවින් සුබාසිංහ ලකුණු 40ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් කාලෝස් බ්‍රැත්වේට් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 15කදී කඩුළු 5ක් දැවී ලකුණු 123ක් රැස්කරගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් කමින්දු මෙන්ඩිස් ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

පැතුම් නිශ්ශංක ලකුණු 22යි.

ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 20යි.

පන්දු යැවීමේදී ගෝල් කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව වනිදුගේ නායකත්වයෙන් යුත් කැන්ඩි කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගැනීමට සමත් විය.

Aruna