Wednesday, January 14, 2026
Follow Us
රුසියානු ජනපති පඩිපෙළෙන් ඇද වැටිලා !

පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්‍ය හෝ රුසියන් මාධ්‍ය හෝ කිසිදු පුවතක් පළ කර නැත.

රුසියානු රජය ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර ඇති ආකාරයට, 70 හැවිරිදි පුටින් උදර පිළිකාවකින් පීඩා විදී.

මොස්කව් අගනුවර නිල නිවසේ තරප්පු පෙළින් ඔහු ඇද වැටී ඇත්තේ ද පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඔහුගේ සිරුරේ චලනයන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වූ බැවින් යැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)