Wednesday, January 14, 2026
Follow Us
ප්‍රංශය සහ එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සහ එංගලන්තය සමත් වුණා.

අද අලුයම පැවති සුපිරි 16 දෙනාගේ වටයේ තරගයකදී ගෝල 3 ට බින්දුවක් ලෙස සෙනගලය පරාජය කරමින් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ජෝඩන් හෙන්ඩර්සන්, හැරී කේන් සහ බුකායෝ සකා එංගන්තය වෙනුවෙන් එම ගෝල ත්‍රිත්වය වාර්තා කළා.

මේ අතර ඊයේ රාත්‍රියේ පැවති සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරගයකදී වත්මන් ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම පෝලන්තය පරාජය කළේ ගෝල 3ට එකක් ලෙසයි. ප්‍රබල ක්‍රීඩක කයිලන් මබාපේ ප්‍රංශය වෙනුවෙන් ගෝල දෙකක් සහ ඔලිවියර් ජේරුඩ් අනෙක් ගෝලය ප්‍රංශය වෙනුවෙන් වාර්තා කළේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ තවත් වාර්තාවක්ද පිහිටුවමින්.

රොබඩ් ලෙවන්ඩොව්ස්කි පෝලන්තය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයේ හිමිකරුවා බවට පත් වුණා.

Neth