Wednesday, January 14, 2026
Follow Us
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේම රෝහල් ගත කරයි

විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ද යොමුකරලා


හිටපු ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින් හදිසියේම රෝහල් ගතකර තිබේ.

ඒ, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුරදීයි.

රිකී පොන්ටිං මේ තරගයේ රූපවාහිනි විස්තර විචාර කටයුතුවල යෙදී ඇත.

ඔස්ට්‍රෙලියාවේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන්නේ තරගයේ තුන්වන දිනයෙහි දිවා ආහාර විවේකය අවස්ථාවේ දී පොන්ටින් පර්ත් රෝහල වෙත රැගෙන ගිය බවයි.

ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ පර්ත් රෝහලට රැගෙන ගිය පොන්ටින් තමාට අසනීප ගතියක් නො දැනෙන නමුත් පරීක්ෂා කිරීම සඳහා රෝහලට ගිය බව සගයන්ට පවසා ඇති බවයි.

Aruna