Wednesday, January 14, 2026
Follow Us
ඇපල් හා පැවති වැරදි වැටහීම් ඉවරයි – මස්ක්

ඇපල් උපාංග වල ඇති ඇපල් ස්ටෝර් වෙතින් ට්විටර් මෘදුකාංගය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති ‘වැරදි වැටහීම්’ විසඳා ගත් බව ට්විටර් අයිතිකරු – ඊලෝන් මස්ක් පවසයි.

පසුගිය සඳුදා දින ඔහු චෝදනා කර සිටියේ ඇපල් ස්ටෝර් වෙතින් ට්විටර් මෘදුකාංගය ඉවත් කිරීමට ඇපල් සමාගම කටයුතු කරනු ඇති බවත්, එම සමාගම විසින් ට්විටර් තුළ සිදුකරන වෙළඳ දැන්වීම් බොහොමයක් නවතා ඇති බවක්ය.

කෙසේවෙතත්, ඊයේ දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මස්ක් පවසා තිබුණේ ඇපල් සමාගමේ ප්‍රධානී – ටිම් කුක් හමු වූ බවත්, එවැන්නක් සිදුකිරීමට ඇපල් සමාගම කිසිවිටකදී නොසිතූ බව කුක් මහතා පැහැදිලි කළ බවත්ය.

කෙසේවෙතත්, ඇපල් සමාගම විසින් සිදුකරන වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළේද යන්න පිළිබඳව මස්ක් මහතා පවසා නැත.

Mirror